• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ ගොඩනැඟිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම
- කොල්ලුපිටිය පොලිස් ස්ථානය සංවර්ධනය කිරීමේ කටයුතු 2007 වර්ෂයේදී ආරම්භ කෙරුණු අතර, අනතුරුව විවිධ කරුණු හේතුවෙන් එම ව්‍යාපෘතියේ කටයුතු තාවකාලිකව අත්හිටුවන ලදී. මහජන හිතකාමී, කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් කොල්ලුපිටිය පොලිස් ස්ථානය මඟින් ලබා දීමට හැකිවන පරිදි, එම පොලිස් ස්ථානයේ ගොඩනැඟිල්ලේ ඉතිරි වැඩ නිම කිරීමේ ව්‍යාපෘතිය, 2017-2019 වර්ෂ තුළදී රුපියල් මිලියන 153.3ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.