• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර ක්‍රීඩා වැඩමුළුවක්, ප්‍රදර්ශනයක් හා සැණකෙළියක් සංවිධානය කිරීම
- ශ්‍රී ලංකාවේ තෝරාගත් ක්‍රීඩා 07ක් ජාත්‍යන්තරය තුළ තවදුරටත් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන, ඒ සඳහා විදේශීය පුහුණුකරුවන්ගේ මඟපෙනේවීම ලබාගැනීම සඳහාත්, ජාත්‍යන්තර ක්‍රීඩකයන් සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් සහභාගි වන තරඟ පැවැත්වීම තුළින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහාත් ක්‍රීඩාව හා සම්බන්ධ දේශීය හා ජාත්‍යන්තර ආයතනවල සහභාගිත්වය ඇතිව ක්‍රීඩා වැඩමුළුවක්, ප්‍රදර්ශනයක් හා දෙස් විදෙස් ක්‍රීඩකයන් 8,000ක් පමණ සහභාගිවීමට නියමිත සැණකෙළියක් 2017 වර්ෂයේ පළමු කාර්තුව තුළ කොළඹ ගාලු මුවදොරදී පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, එකී වැඩමුළුව, ප්‍රදර්ශනය හා සැණකෙ‍ළිය සංවිධානය කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත්, එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මැලේසියාවේ සමාගමක් සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමටත්, එම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශවල ආයතනයන්හි අනුග්‍රහය හා සහයෝගය ලබාගැනීමටත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.