• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උසාවි දඩ මුදල් සහ ඉඩම් පැවරීම මත අයවන මුද්දර ගාස්තු පළාත් පාලන ආයතන වෙත ලැබීම විධිමත් කිරීම හා කඩිනම් කිරීම
- පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල උසාවි දඩ මුදල් සහ ඉඩම් පැවරීම් සඳහා ලියා සහතික කරනු ලබන ඔප්පු මත අයවන මුද්දර ගාස්තුවලින් එකතු වන ආදායම් එකී පළාත් පාලන ආයතනවලට ලබා දීම සඳහා දැනට පවතින ක්‍රමවේදය වඩා කාර්යක්ෂම කිරීමේ අරමුණින් 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 19 වන වගන්තිය සංශෝධනය කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.