• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාසල් පෙළපොත් කල් පවතින කෘත්‍රීම කඩදාසිවල මුද්‍රණය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
- පාසල් පෙළපොත් නොමිලේ ලබා දීම සඳහා රජය විසින් වාර්ෂිකව රුපියල් මිලියන 3,500ක් පමණ වැය කරනු ලබයි. මෙම පිරිවැය අවම කරගැනීම සඳහා පෙළපොත් නැවත භාවිතය ඉහළ නැංවීමේ වැඩසටහන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලැබූවද එක් පෙළපොතක් වසර තුනකට (03) වඩා භාවිත කළ නොහැකි වී ඇති බව පෙනී ගොස් ඇත. මේ අනුව පෙළපොත්වලින් 70%ක් පමණ වාර්ෂිකව අලුතින් මුද්‍රණය කොට බෙදා හැරීමට සිදු වන අතර, ඒ සඳහා අධික පිරිවැයක් දැරීමටද සිදු වේ. එබැවින් සිසුන්ට පහසුවෙන් පරිශීලනය කළ හැකි වන පරිදි සහ ස්වාභාවික විපත් මඟින් හානියට පත් නොවන, පෑන් ඉරි, පැන්සල් ඉරි ආදිය පහසුවෙන් ඉවත් කළ හැකි, වඩා උසස් නිමාවක් සහිත කෘත්‍රීම කඩදාසි භාවිතයෙන් පාසල් පෙළපොත්වලින් වර්ග කිහිපයක් මුද්‍රණය කිරීම සඳහා වන නියමු ව්‍යාපෘතියක් 2017 වර්ෂ‍ෙය්දී ක්‍රියාත්මක කිරීමට පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.