• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ළමුන් සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම - 2016 2020
- ශ්‍රී ලංකාවේ ළමුන්ගේ පූර්ණ සංවර්ධනය තහවුරු වන පරිදි සහ ඔවුන් සතු සුවිශේෂ හැකියාවන් හා කුසලතාවන් සංවර්ධනය කරගැනීමට ඉඩකඩ සැලසෙන පරිදි, සියලු ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඔවුන්ගේ වර්ධනයට හා සංවර්ධනයට සුදුසු, සුරක්ෂිත සහ ඒ සඳහා උපකාරී වන පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින්, ඒ සඳහා සෘජුවම අදාළ වන අධ්‍යාපන, සෞඛ්‍ය, අධිකරණ, කම්කරු, ජනමාධ්‍ය, ජල සම්පාදන යන විෂයන් භාර ප්‍රධාන අමාත්‍යාංශ හා ආයතන ඒකාබද්ධව කෙටුම්පත් කරනු ලැබ ඇති, 'ශ්‍රී ලංකාවේ ළමුන් සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2016 - 2020)' ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා, අදාළ පාර්ශ්ව නියෝජනය වන පරිදි ජාතික මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීටත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.