• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීම පිළිබඳව සලකා බැලීමට කමිටුවක් පත් කිරීම
- මුස්ලිම් නීතිය යටතේ විවාහ විය යුතු අවම වයස් සීමාව සහ එම නීතිය යටතේ ආවරණය වන වෙනත් කාරණා සම්බන්ධයෙන් වන විධිවිධාන, ශ්‍රී ලංකාවද පාර්ශ්වකරුවකු වන ඇතැම් ජාත්‍යන්තර ප්‍රඥප්තිවල නිශ්චිතව දක්වා ඇති නියාම ධර්ම සමඟ අනුකූල නොවන බැවින්, එම විධිවිධාන සංශෝධනය කිරීම අවශ්‍ය බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා, මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සිදු කළ යුතු යෝග්‍ය සංශෝධන පිළිබඳ අමාත්‍ය මණ්ඩල‍යට යෝජනා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.