• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේ සිට 'සුහුරුපාය' හරහා උඩුමුල්ල මංසන්ධිය දක්වා වන අතුරු මාර්ගය ඉදි කිරීම
- කොළඹ නගරය තුළ පිහිටා ඇති සියලු රාජ්‍ය ආයතන බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පරිපාලන නගරය තුළ ස්ථාපනය කිරීම රජයේ ප්‍රතිපත්තියයි. මේ අනුව අදාළ රාජ්‍ය ආයතන බොහොමයක් දැනටමත් බත්තරමුල්ල ප්‍රදේශයේ ස්ථානගත කරනු ලැබ ඇත. මීට සමගාමීව බත්තරමුල්ල හා තදාසන්න ප්‍රදේශවලට අවශ්‍ය මහාමාර්ග හා ගමනාගමන වැනි යටිතල පහසුකම් කඩිනමින් සැපයිය යුතු වේ. ඒ අනුව, රාජ්‍ය ආයතන වෙත පහසු ප්‍රවේශයක් ලබා දීමේ අරමුණින්, පොල්දූව මංසන්ධියේ සිට කොස්වත්ත මංසන්ධිය දක්වා කිලෝමීටර 4ක් දිගැති අතුරු මාර්ගයක් ඉදි කිරීමට යෝජනා වී ඇත. දැනට බත්තරමුල්ල මංසන්ධිය පවතින දැඩි මාර්ග තදබදය අඩු කිරීමේ අරමුණින්, එහි පළමු අදියර ලෙස සැලසුම් කර‍නු ලැබ ඇති පොල්දූව මංසන්ධිය සිට 'සුහුරුපාය' දක්වා දිවෙන අතුරු මාර්ග ‍කොටස උඩුමුල්ල මංසන්ධිය දක්වා දීර්ඝ කිරීමටත්, එම කාර්යය රුපියල් මිලියන 250ක ඇස්තමේන්තුගත පිරිවැයකින් සිදු කිරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.