• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගෝල්ඩන් කී ණය කාඩ්පත් සමාගමේ සුරක්ෂිත තැන්පතුහිමියන්ගේ තැන්පතු ආපසු ගෙවීම
- අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇති පරිදි, ශ්‍රෙෂ්ඨාධිකරණය මඟින් අනුමත කරන ලද ක්‍රමවේදය යටතේ ගෝල්ඩන් කී වෙනුවෙන් පළමු අදියර සඳහා රුපියල් මිලියන 544.3ක්ද, දෙවන අදියර සඳහා රුපියල් මිලියන 3,945.6ක්ද මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරනු ලැබ ඇත. එහි තුන්වන සහ අවසන් අදියර යටතේ නිකුත් කළ යුතු රුපියල් මිලියන 4,055.1ක මුදල අදියරගතව ශ්‍රී ලංකා මහබැංකුව වෙත නිදහස් කිරීමටත්, ගෝල්ඩ්න් කී ණය කාඩ්පත් සමාගම හා ඊට අනුබද්ධිත සමාගම්වල වත්කම් ඈවර කිරීම සඳහා කඩිනමින් පියවර ගැනීමටත්, එමඟින් ලැබෙන ආදායම මහා භාණ්ඩාගාරය වෙත නැවත ලබාගැනීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.