• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනුරාධපුර පළාත් ආයුර්වේද රෝහලේ තෙවන මහල වැඩ නිම කිරීම
- උතුරු මැද පළාතේ විශාලතම ආයුර්වේද රෝහල වන්නේ අනුරාධපුර පළාත් ආයුර්වේද රෝහලයි. එම රෝහලේ ගාස්තු අය කරනු ලබන වාට්ටු පිහිටි ගොඩනැඟිල්ලේ මහල් 02ක වැඩ කටයුතු මේ වන විට අවසන් කරනු ලැබ ඇත. ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීම කෙරෙහි විශාල නැඹුරුවක් වර්තමානයේ මහජනතාව අතර දක්නට ලැබෙන අතර, පොදු රෝගී වාට්ටුවලට අමතරව මෙම රෝහලේ දැනට පවතින ගෙවන කාමර 08 සඳහාද දේශීය හා විදේශීය රෝගීන්ගෙන් ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී තිබේ. ඒ අනුව, කාමර 10කින් සමන්විත වන පරිදි සැලසුම් කරනු ලැබ ඇති, අනුරාධපුර පළාත් ආයුර්වේද රෝහලේ ගෙවන වාට්ටු සංකීර්ණයේ තෙවන මහලේ වැඩ කටයුතු රුපියල් මිලියන 30ක ඇස්තමේන්තුගත පිරිවැයකින් නිම කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.