• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) සඳහා නව විද්‍යාගාර ගොඩනැඟිල්ලක් මාලබේහි ස්ථාපනය කිරීම
- ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් සපයනු ලබන සේවාවන්හි කාර්යක්ෂමතාව හා ඵලදායීතාව වැඩිදියුණු කිරීම සඳහා එහි විද්‍යාගාර සේවාවන් පුළුල් කිරීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව, එම ආයතනයේ විද්‍යාගාර සේවා අංශය ස්ථාපනය කිරීම සඳහා මාලබේ තොරතුරු තාක්ෂණ උද්‍යානයෙහි අක්කර 03ක ඉඩම් කොටසක් රුපියල් මිලියන 168ක වියදමකින් මිල දී ගැනීමටත්, අදාළ ඉදි කිරීම් කටයුතු සඳහාත් රුපියල් මිලියන 550ක ප්‍රතිපාදන භාවිතයෙන් සිදු කිරීමටත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.