• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හදිසි ආපදා තත්ත්වයන් හේතුවෙන් හානියට පත් නිවාස හා දේපළ හානි තක්සේරු කිරීම
- හදිසි ආපදා සහ ව්‍යසන තත්ත්වයන්හිදී සිදු වී ඇති හානි සඳහා සහන ලබා දීමේදී අදාළ නිවාස හා දේපළ තක්සේරු කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පුහුණු ක්ෂේත්‍ර නිලධාරින් ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොමැතිවීම ආපදා සහන ලබා දීම ප්‍රමාදවීමට හේතු වී තිබේ. මෙයට පිළියමක් වශයෙන් දැනට විශ්‍රාමිකව සිටින පුහුණු කාර්මික නිලධාරින් 30 දෙනෙකු මාස තුනක (03)කාලයක් සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් බඳවාගැනීමටත්, එමඟින් සාලාව යුද හමුදා කඳවුරේ සිදු වූ පිපිරීම, 2016 මැයි මස කෑගල්ල දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාව‍ හේතුවෙන් සිදු වූ නාය යාම හා 2016 මැයි මස ඇති වූ ගංවතුර යන ආපදා තත්ත්වයන්ගෙන් විපතට පත් පුද්ගලයින්ගේ නිවාස හා දේපළ සදහා කඩිනමින් වන්දි ලබා දී අවසන් කිරීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.