• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හාලිඇළ සහ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සිදුවූ නායයෑම් නිසා පූර්ණ හානියට පත් නිවාස වෙනුවට නව නිවාස ඉදිකර ගැනීම සඳහා සහන සැලසීම
- 2014 වර්ෂයේදී හැලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රිල්පොළ ඇතුළු අනෙකුත් ප්‍රදේශවල සහ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිදු වූ නායයෑම් නිසා නිවාස 24ක් සම්පූර්ණයෙන්ම හානියට පත් වී ඇත. එම නිවාස නැවත ඉදි කරගැනීම වෙනුවෙන් එක් පවුලක් සඳහා රුපියල් 1,250,000ක් බැගින් ලබා දීමටත්, ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 30ක ප්‍රතිපාදන වෙන් කර ගැනීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.