• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නියඟයෙන් පීඩාවට පත් ජල පාරිභෝගිකයින්ට සහන සැලසීම
- පසුගිය මාස 02ක කාලය තුළ පැවති නියං තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රවල ජල ප්‍රමාණය අඩු වීම නිසා නියමිත පානීය ජල සැපයුම ලබා දීමේදී ජල සම්පාදන ක්‍රම 54ක් සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දුෂ්කරතාවන්ට මුහුණ පා ඇත. මේ හේතුවෙන් ජල නළ හරහා ප්‍රමාණවත් ජල සැපයුමක් නොලබන පාරිභෝගිකයින් වෙත බාධාවකින් තොරව ජලය සැපයීමට බවුසර් 70ක් පමණ යොදවා ඇති බවත් නියඟයෙන් පීඩා විඳින ප්‍රදේශවලට පැය 24ම ජලය ලබා දීම සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සෑම කලාප කාර්යාලයක් සඳහාම විශේෂ කණ්ඩායමක් බැගින් පත් කරනු ලැබ ඇති බවටත්, ජලය අරපරිස්සමින් භාවිත කරන ලෙසට මාධ්‍ය මඟින් ජනතාව දැනුම්වත් කරනු ලැබ ඇති බවටත් නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.