• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රාග්ධන වෙ‍ෙළඳපොළ උපායමාර්ගය 2016 - 2020
- ලොව පුරා, විශේෂයෙන්ම නැඟී එන ආර්ථිකයන්හි වර්ධනයට හා තිරසර සංවර්ධනයට පහසුකම් සපයනු ලබන ප්‍රධාන භූමිකාවක්, ප්‍රාග්ධන ‍වෙ‍ෙළඳපොළ මඟින් ඉටු කරනු ලබයි. එසේ වුවද ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළෙහි විභවතාවන් තවමත් නිසි පරිදි ප්‍රයෝජනයට ගෙන නොමැත. එබැවින්, සියල්ලන්ට සමානව කටයුතු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම මඟින් කොටස් නිකුත් කරන්නන්, ආයෝජකයින්, වෙළෙඳපොළ ආයතන සහ වෙළඳපොළ අතරමැදියන් අතර විශ්වාසය හා පැහැදීම ඇති කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ශක්තිමත්, කාර්යක්ෂම සහ උද්‍යෝගිමත් වෙළෙඳපොළක් බවට සංවර්ධනය කිරීම අවශ්‍ය වේ. ඒ සඳහා පසුබිම සකස් කිරීමේ අරමුණින් සහ ශ්‍රී ලංකා රජය විසින් අනුගමනය කළ යුතු යැයි හඳුනා ගනු ලැබ ඇති නියාමන හා සංවර්ධන ක්‍රියාමාර්ග යෝජනා කරන '2016-2020 ප්‍රාග්ධන වෙළෙඳපොළ උපාය මාර්ගය' අනුගමනය කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.