• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියානු සාගර කලාපයෙහි විපතට පත්වූවන් පිළිබඳ සොයාබැලීමේ සහ බේරාගැනීමේ මෙහෙයුම් සම්බන්ධීකරණය හා සහයෝගිතා කටයුතු සඳහා ඉන්දියානු සාගර සහයෝගිතා සංගමයේ (IORA) සාමාජික රාජ්‍යයන් අතර අවබෝධතා ගිවිසුම
- විපතට පත්වූවන් සෙවීමේ සහ බේරාගැනීමේදී ඉන්දියානු සාගර කලාපය තුළ ගුවනින් හා මුහුදින් සිදු කරනු ලබන පිරික්සුම් සහ බේරාගැනීමේ මෙහෙයුම් සම්බන්ධීකරණය කිරීම සඳහා කාර්ය රාමුවක් ස්ථාපිත කිරීමටත්, එහිදී ඉන්දියානු සාගර කලාපයේ රාජ්‍යයන් විසින් මුහුණ‍ ‍ෙදනු ලබන ගැටලුවලට මුහුණ දීම සඳහා පාර්ශවකාර රාජ්‍යයන් අතර උපදේශනය හා සහයෝගිතාව වැඩිදියුණු කිරීමටත්, ඉන්දියානු සාගර කලාපීය පිරික්සුම් හා බේරාගැනීමේ මෙහෙයුම්වල සම්බන්ධීකරණය හා සහයෝගය සඳහා, ඉන්දියානු සාගර සහයෝගිතා සංගමයේ (IORA) සාමාජික රාජ්‍යයන්හි ආණ්ඩු අතර වන අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.