• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා රජය ප්‍රමුඛතාව ලබා දී ඇති අතර, එහිදී නව නීති සම්පාදනය කිරීම අවශ්‍ය බව පෙනී ගොස් ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ කඩිනම් ආර්ථික සංවර්ධනය සඳහා අදාළ වන සියලු විෂයන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට පහසුකම් සැලැසීම පිණිස සහ ආර්ථික සංවර්ධනය, සංවර්ධන නියෝජිත ආයතනය පිහිටුවීම, ග්‍රාමීය නවීකරණය හා ප්‍රාදේශීය සංවර්ධනය සඳහා වන ප්‍රතිපත්ති සම්පාදනය ආදී කාරණා සඳහා විධිවිධාන සැලසීම පිණිස පිළියෙල කරනු ලැබ ඇති, 'සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත', රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.