• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ තෙවන ජාතික දේශගුණ විපර්යාස සන්නිවේදන වාර්තාව සකස් කිරීමේ ව්‍යාපෘතිය
- ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය (UNFCCC) 1993 වර්ෂයේදී අපරානුමත කරන ලදී. එම සම්මුතියෙහි 12 වගන්තිය ප්‍රකාර පාර්ශ්වකාර රාජ්‍යයන් විසින් දේශගුණ විපර්යාස සම්බන්ධ තොරතුරු අඩංගු ජාතික සන්නිවේදන වාර්තාවක් සකස් කර ඉදිරිපත් කළ යුතු අතර, ඒ අනුව ශ්‍රී ලංකාව විසින් ඊට අදාළ පළමු හා දෙවන සන්නිවේදන වාර්තා පිළිවෙළින් 2000 හා 2012 යන වර්ෂයන්හිදී UNFCCC ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත. දේශගුණ විපර්යාස අභියෝගයන්ට මුහුණ දීමට හැකි වන පරිදි ආයතනික හා තාක්ෂණික හැකියාවන් ඉතාමත් ඵලදායී ලෙස ශක්තිමත් කිරීමේ හා පාර්ශ්වකාර රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව විසින් UNFCCC සම්මුතිය යටතේ බැඳී සිටින පොරොන්දු ඉටු කරමින්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් ගෝලීය පාරිසරික පහසුකම (Global Environment Facility) යටතේ සලසා දෙනු ලබන ප්‍රදානාධාර උපයෝගි කරගනිමින් දේශගුණ විපර්යාස පිළිබඳ තෙවන ජාතික සන්නිවේදන වාර්තාව සැකසීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, එලෙස සකස් කරනු ලබන වාර්තාව UNFCCC ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.