• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ගබඩා සංකීර්ණයක් ඉදි කිරීම
- කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ගොවීන්ට තම කෘෂි අස්වැන්න ගබඩා කිරීම සඳහා තත්ත්වයෙන් උසස් ගබඩා පහසුකම් සැලසීමේ අරමුණින්, පර්යේෂණාගාරයක් සහිත කාර්යාල ගොඩනැඟිල්ලක්, නවාතැන් පහසුකම් සහිත ගොඩනැඟිල්ලක්, ජල ටැංකියක්, ට්‍රාන්ස්ෆෝමර් කුටියක් ආදියෙන් සමන්විත වර්ග අඩි 32,000ක පමණ වපසරියකින් යුත් ගබඩා සංකීර්ණයක් එම දිස්ත්‍රික්කය තුළ ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රදානය කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.