• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශ්වවිද්‍යාලවල ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
- කැලණිය, නැ‍ඟෙනහිර, රුහුණ හා ශ්‍රී ලංකා භික්ෂු යන විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවල නිරත ශිෂ්‍ය ප්‍රජාව සඳහා වඩා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින්, එම විශ්වවිද්‍යාලවල ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා වන කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.