• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශ්වවිද්‍යාල සිසුසිසුවියන් සඳහා නේවාසිකාගාර ඉදි කිරීමේ කඩිනම් ව්‍යාපෘතිය
- රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වර්තමානයේ අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව 94,000ක් පමණ වන අතර, මෙයින් 52,800ක් සඳහා ප්‍රමාණවත් නේවාසික පහසුකම් ලබා දීමට අවශ්‍ය ගොඩනැඟිලි හා අනෙකුත් පහසුකම් සංවර්ධනය කිරීම අවසන් කරනු ලැබ ඇත. රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කරනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව වාර්ෂිකව 10%කින් පමණ වැඩි කිරීමට රජය සැලසුම් කර ඇති බැවින් තවදුරටත් නේවාසික පහසුකම් සලසා දීම සඳහා කටයුතු කළ යුතු වේ. ඒ අනුව, තවත් විශ්වවිද්‍යාල සිසුන් 9,600කට පමණ නේවාසික පහසුකම් සැලසිය හැකි පරිදි නව නේවාසිකාගාර 24ක් ඉදි කිරීමේ කටයුතු රුපියල් මිලියන 1,430ක පිරිවැයකින් 2016 වසර තුළ ආරම්භ කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.