• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල අභ්‍යන්තර මාර්ග සහ පිවිසුම් මාර්ග අ‍ලුත්වැඩියා කිරීම හා ඉදි කිරීම
- මීගොඩ, නුවරඑළිය, කැප්පෙටිපොළ හා වේයන්ගොඩ යන විශේෂ ආර්ථික මධ්‍යස්ථානයන්හි අභ්‍යන්තර මාර්ග හා පිවිසුම් මාර්ග ඉදි කිරීම සහ රථගාල හා කාණු පද්ධති ඉදි කිරීමේ කටයුතු, රුපියල් මිලියන 25.2ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, අදාළ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ඉටු කරවා ගැනීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.