• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය සහ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා පහසුකම් සැලසීම
- එක්සත් ජාතීන්ගේ සහභාගිත්වය ඇතිව 2017 වර්ෂයේදී පවත්වනු ලබන ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය සහ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු ඇතුළුව රටවල් 100කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් එම සමුළුව සඳහා සහභාගි වීමට නියමිතය. එසේම බෞද්ධ දර්ශනය පිළිබඳ උනන්දුවක් රට තුළ ඇති කර ලීම සඳහාත්, ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය වශයෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු ජාත්‍යන්තර ගෞරවය සහ පිළිගැනීම තහවුරු කර ලීම පිණිසත් මෙම අවස්ථාව මහෝපකාරී වනු ඇත. ඒ අනුව, 2017 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් උත්සවය සහ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අදාළ කටයුතු සංවිධානය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් වෙන් කරවා ගැනීම පිණිස බුද්ධශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.