• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍යතාන්ත්‍රික සහ නිල විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් වීසා අවසරපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර එළඹෙනු ලබන ගිවිසුම
- සිය රජ‍යන් වෙනුවෙන් නිල දූත මෙහෙවරයන්හි නියැළෙන ශ්‍රී ලාංකික සහ පිලිපීන ජාතිකයන්ට දෙරට අතර සංචාරය කිරීමට පහසුකම් සලසමින් ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමේ අරමුණින්, රාජ්‍යතාන්ත්‍රික හෝ නිල විදේශ ගමන් බලපත්‍ර හිමි දෙරටේ පුරවැසියන්ට, දින 30ක් නොඉක්මවන කාලයක් සඳහා අනෙක් පාර්ශ්වයේ රටට පිවිසීම, ඒ හරහා ගමන් කිරීම හා රැඳී සිටීම සඳහා වීසා ලබාගැනීමේ අවශ්‍යතා‍වෙන් නිදහස් කිරීම පිණිස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ පිලිපීන ජනරජයේ ආණ්ඩුව අතර එළඹෙනු ලබන ගිවිසුමට අත්සන් තැබීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.