• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුතර දිස්ත්‍රික් මහ රෝහල සංවර්ධනය කිරීම
- කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි විශාලතම රෝහල වන කළුතර දිස්ත්‍රික් මහ රෝහල මඟින් රත්නපුර සහ ගාල්ල වැනි යාබද දිස්ත්‍රික්කවලින් පැමිණෙන රෝගීන් හටද සෞඛ්‍ය සේවා සපයනු ලැබේ. පසුගිය වසර කිහිපය තුළ මෙම රෝහල වෙත පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, ගුණාත්මක රෝගී සත්කාරක සේවාවක් සැපයීම සඳහා එහි පහසුකම් වැඩිදියුණු කළ යුතුව තිබේ. ඒ අනුව, කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණය, පරිපාලන ගොඩනැඟිල්ල, කාර්ය මණ්ඩල නිල නිවාස සහ ඖෂධ ගබඩාව රුපියල් මිලියන 4,121ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.