• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තාක්ෂණ හා ‍නවෝත්පාදන සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකාව හා කියුබානු ජනරජය අතර ඇති කර ගනු ලබන ගිවිසුම
- ශ්‍රී ලංකාව හා කියුබාව අතර විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව දිරි ගැන්වීම හා ඒ සඳහා සහාය ලබා දීමේ අරමුණින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා කියුබානු ජනරජය අතර ඇති කර ගැනීමට නියමිත, 'විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය යන ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව පිළිබඳව වන ගිවිසුමට' අත්සන් තැබීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.