• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිශක්ති භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාත්මක සහ තාක්ෂණික සහයෝගීතාව
- ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සහ වෙනත් පර්යේෂණ ආයතන විසින් න්‍යෂ්ටික පර්යේෂණ පිළිබඳ යුරෝපීය සංවිධානය (CERN) සමඟ ක්‍රියාත්මක කරනු ලබන පර්යේෂණ ව්‍යාපෘතීන් සඳහා සහාය ලබා දීමට එකඟත්වය පළ කරමින් සහ එම සංවිධානයෙහි ආශ්‍රිත සාමාජිකයින් (Associate Members) ලෙස ක්‍රියා කිරීම පිණිස ශ්‍රී ලාංකික විද්‍යාඥයන්, ඉංජිනේරුවරුන් හා තාක්ෂණික ශිල්පීන්ට අවස්ථාව සලසමින්, අධිශක්ති භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාත්මක සහ තාක්ෂණික සහයෝගිතාව සඳහා වන අභිලාෂ ප්‍රකාශයක් (EOI) එකී සංවිධානය සමඟ අත්සන් තැබීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.