• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව 2016-06-05 දින පුපුරා යාමෙන් ආපදාවට පත්වූවන්ට තවදුරටත් සහන සැලසීම
- කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාවේ සිදුවූ පිපිරීමෙන් හානියට පත් නිවාස සඳහා ගෙවීම් කිරීමට රුපියල් මිලියන 359 කට අධික මුදලක් දැනටමත් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත මුදා හරිනු ලැබ ඇත. මෙම ආපදාවෙන් හානියට පත් නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල තිබූ උපකරණ සඳහා වන්දි ලබා දීමටත්, කුලී පදනම මත ලබාගත් ව්‍යාපාරික ස්ථානවල තම ව්‍යාපාර පවත්වා ගෙන ගිය ව්‍යාපාරිකයන් සඳහා එම ව්‍යාපාරික ස්ථාන යථා තත්ත්වයට පත්වන තෙක් තාවකාලික පොදු ව්‍යාපාරික ස්ථානයක් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදි කර දීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.