• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ජලය නැවත භාවිත කිරීම සහ විකල්ප ක්‍රමවේද මඟින් ජලය සැපයීම' (Water Re-Use / Alternative Water Supply) පිළිබඳ වැඩමුළුවක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
- ජලය නැවත භාවිත කිරීම හා ජලයේ ලවණ ඉවත් කිරීම, පටල තාක්ෂණය, උසස් ඔක්සිකරණ ක්‍රියාවලිය සහ ස්වාභාවික පිරිපහදු පද්ධතීන් පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රා‍‍යෝගික දෙයංශය සම්බන්ධයෙන්ම දැනුම්වත් කිරීමේ අරමුණින්, ඉන්දියන් ඕෂන් රිම් ඇසෝසියේෂන් (IORA)හි සහයෝගය ඇතිව සංවිධානය කරනු ලබන, 'ජලය නැවත භාවිත කිරීම සහ විකල්ප ක්‍රමවේද මඟින් ජලය සැපයීම' යන මැයෙන් වන වැඩමුළුවක්, 2016 නොවැම්බර් මස 01 දින සිට 03 දින දක්වා කොළඹදී පැවැත්වීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.