• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කල්මුනේහි සයින්දමරදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුර හා පරිසර දූෂණය පාලනය කිරීම
- අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළ තීරය ආශ්‍රිතව පිහිටා ඇති සයින්දමරදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවත් වන ජනතාව, ඒ ආශ්‍රිත කලපුව පිටාර ගැලීම නිසා වාර්ෂිකව ඇතිවන ගංවතුර තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වේ. නිසි කාණු පද්ධතියක් නොමැති වීම, කලපුවේ ස්වාභාවික පරිසර පද්ධතියට තර්ජනයක් වී ඇති විවිධ ජලජ පැළෑටි නිසා ජලය ගලා යාම අවහිර වීම, ජනතාව විසින් කලපුව ආශ්‍රිතව කැළිකසළ බැහැර කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇත. ඒ අනුව, කලපුවේ ස්වභාව සෞන්දර්ය වැඩිදියුණු කරමින් සහ කලපුව දෙපස කැළිකසළ දැමීමෙන් ආරක්ෂා කරගනිමින් කලපුව සංවර්ධනය කිරීමේ හා කලපුව ආශ්‍රිතව වෙසෙන පවුල් 2,700කට අයත් 10,000කට අධික ජනතාව ගංවතුරෙන් හා කලපු ඛාදනයෙන් ආරක්ෂා කිරීමේ අරමුණින් රුපියල් මිලියන 162ක ඇස්තමේන්තුගත පිරිවැයකින් කලපුව වටා බැම්මක් ඉදි කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.