• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නාවික ක්ෂේත්‍රයට අදාළ සම්මුතීන් අපරානුමත කිරීම
- නාවික ක්ෂේත්‍රයට අදාළව ශ්‍රී ලාංකිකයින් සඳහා වන රැකියා අවස්ථා පුළුල් කිරීමත්, ඔවුන්ගේ රැකියා තත්ත්වයන් උසස් කිරීමත්, නාවික කර්මාන්තය ආශ්‍රිත අනෙකුත් ප්‍රතිලාභ ලබාගැනීමත් අරමුණු කරගනිමින්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) 2006 සමුද්‍රීය කම්කරු සම්මුතිය සහ 2003 අංක 185 දරන නාවිකයන්ගේ අනන්‍යතා ලියවිලි පිළිබඳ සම්මුතිය අපරානුමත කිරීමටත්, එකී සම්මුතීන් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය නීතිමය විධිවිධාන සැලසීමටත් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.