• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය - ජාතික ක්‍රියාකාරී සැලැස්ම
- විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම, පුරවැසියන් බලගැන්වීම, දූෂණයට එරෙහිව කටයුතු කිරීම, රජයන් ශක්තිමත් කිරීම සඳහා නව තාක්ෂණය යොදාගැනීම, එකිනෙකාගේ අත්දැකීම්වලින් ඉගෙන ගැනීම, රට තුළ පවතින සිවිල් සමාජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ආදිය සඳහා රජයන් දිරිගන්වන බහුපාර්ශ්වීය මූලාරම්භයක් ලෙස 'විවෘත රාජ්‍ය හවුල්කාරීත්වය' (Open Government Partnership - OGP) 2011 වර්ෂයේදී ජාත්‍යන්තර මට්ටමෙන් විධිමත්ව ස්ථාපිත කෙරුණු අතර, මේ වන විට එහි සාමාජිකත්වය දරන රටවල් සංඛ්‍යාව 70ක් පමණ වේ. වර්තමාන රජය විසින් ගෙන යනු ලබන යහපාලන වැඩපිළිවෙළ අගයමින් එම හවුල්කාරිත්වය සමඟ එක්වන ලෙස ශ්‍රී ලංකාව වෙත කෙරුණු ආරාධනය අනුව 2015 ඔක්තෝබර් මාසයේදී මෙක්සිකෝහි පැවති එහි සමුළුව සඳහා ශ්‍රී ලංකාවද සහභාගි විය. විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයෙහි සියලු සහභාගිත්ව සාමාජික රාජ්‍යයන් විසින් එම හවුල්කාරිත්වයෙහි මූලධර්මවලට අනුකූලව යහපාලනය, වගවීම, විනිවිදභාවය, මහජන සහභාගිත්වය, දූෂණයට එරෙහිව සටන් වැදීම යනාදී ක්ෂේත්‍රයන්ට අදාළව දෑඅවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම අවශ්‍ය වේ. ඒ අනුව, අදාළ පාර්ශ්වයන්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකාව විසින් සකස් කරනු ලැබ ඇති 'විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරී සැලැස්ම' පිළිගැනීමටත්, එහි ක්‍රියාකාරීත්වය හා ප්‍රගතිය අධීක්ෂණය කි‍රීම සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමටත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අනුව, අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් යුත්, අදාළ අමාත්‍යවරුන්ගෙන් හා අදාළ පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.