• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ග්‍රාම රාජ්‍ය' ඒකක පිහිටුවීමට අදාළ සංකල්ප පත්‍රිකාව සහ කාර්ය රාමුව
- සංවර්ධන ක්‍රියාවලිය සඳහා මහජනතාවගේ සක්‍රීය සහභාගිත්වය තහවුරු කරගැනීම පිණිස දිවයින පුරා 'ග්‍රාම රාජ්‍ය' ඒකක 2,500ක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් 2015 මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද 'පංචවිධ සැලැස්ම' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි අන්තර්ගත විය. ඒ අනුව, 'ග්‍රාම රාජ්‍ය' ඒකක ස්ථාපිත කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් පිළියෙල කිරීම පිණිස පත් කරන ලද, රාජ්‍ය නිලධාරින්, විශ්වවිද්‍යාල විද්වතුන්, විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් හා රාජ්‍ය නොවන අංශවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත් සංකල්ප පත්‍රිකාව හා කාර්ය රාමුව, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, එම සංකල්ප පත්‍රිකාව හා කාර්ය රාමුව පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම පිණිස අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.