• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බලතල පැවරීම (ප්‍රාදේශීය ලේකම්වරුන්) (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
- දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත වැඩි බලතල ලබා දීම අවශ්‍ය බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය තුළ, 1992 අංක 58 දරන බලතල පැවරීමේ (ප්‍රාදේශීය ලේකම්වරයන්) පනත වඩාත් අර්ථාන්විත, ඵලදායී හා විනිවිදභාවයකින් යුක්තව ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස කෙටුම්පත් කරනු ලැබ ඇති, 'බලතල පැවරීමේ (ප්‍රාදේශීය ලේකම්වරයන්) (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත', රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.