• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රස්තවාදය මැඬ ලීම සඳහා වන නව නීතියක් (Proposed new Counter Terrorism Law) හඳුන්වා දීමට අදාළ ප්‍රතිපත්තිමය හා නෛතික රාමුව
- ත්‍රස්තවාදය මැඬ ලීම හා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස ප්‍රමාණවත් විධිවිධාන සලසමින් සහ මානව හිමිකම්වලට අදාළව ශ්‍රී ලංකාව විසින් සපුරා ලිය යුතු බැඳීම්වලට අනුකූලව ක්‍රියා කරනු ලබන බව සහතික කිරීම පිණිස, දැනට ක්‍රියාත්මක 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත' වෙනුවට ත්‍රස්තවාදය මැඬ ලීම සඳහා වන නව නීතියක් හඳුන්වා දීම සඳහා වන ප්‍රතිපත්තිමය හා නෛතික රාමුව කෙටුම්පත් කිරීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කරනු ලැබ ඇත. ඒ අනුව, එකී කමිටුව විසින් කෙටුම්පත් කරනු ලැබ ඇති, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්තිමය හා නෛතික රාමුව, ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම පිණිස ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.