• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සහ ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් අනුයුක්ත කර ඇති නිලධාරින් විසින් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
- දිවයින පුරා පිහිටි සියලු ගම්මාන ආවරණය කෙරෙමින් ග්‍රාම නිලධාරි කොට්ඨාස 14,022ක්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 332ක් තුළ දැනට ස්ථාපිත කරනු ලැබ ඇත. එක් ග්‍රාම නිලධාරි කොට්ඨාසයක් තුළ ග්‍රාම නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි, දිවිනැඟුම සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි වැනි ක්ෂේත්‍ර නිලධාරින් 5ක් ද, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්, විවිධ අමාත්‍යාංශ හා‍ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් ක්ෂේත්‍ර නිලධාරින් 50කට පමණ ආසන්න සංඛ්‍යාවක්ද සේවයෙහි යොදවනු ලැබ ඇත. එම නිලධාරින්ගේ දායකත්වය ඵලදායීව හා නිර්මාණශීලී ලෙස ජාතික සංවර්ධනයට ලබාගැනීමේ අරමුණින් 'ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක්' ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනා හා නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.