• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගැඹුරු මුහුදේ වැලි කැණීම මඟින් මාරවිල වෙරළ ප්‍රතිපෝෂණ ව්‍යාපෘතිය - දෙවන අදියර
- ශ්‍රී ලංකාවේ දැනට වඩාත් දරුණුතම වෙරළ ඛාදන තත්ත්වය වාර්තා වන මාරවිල ප්‍රදේශයේ වෙරළ ඛාදන තත්ත්වය පාලනය කිරීමට හා වෙරළ තීරය ස්ථාවර කිරීම පිණිස ගැඹුරු මුහුදේ වැලි කැණීම මඟින් වෙරළ ප්‍රතිපෝෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතියට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.