• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අන්තර් පළාත් විෂය සම්බන්ධීකරණය
- සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමේදී රේඛීය අමාත්‍යාංශ හා පළාත් සභා අතර විධිමත් සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම මඟින් කාර්යයන් ද්විකරණය වීමකින් තොරව උපරිම ඵලදායීතාවකින් යුතුව සම්පත් යෙදවීමේ හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, රේඛීය අමාත්‍යාංශ හා පළාත් සභා අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම සඳහා ඒ ඒ රේඛීය අමාත්‍යාංශ, ඒ ඒ පළාත් සභාව සමඟ ස්වාධීනව කටයුතු කිරීම වෙනුවට ප්‍රධාන ලේකම්වරුන්ගේ හා රේඛීය අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සම්මන්ත්‍රණයක් මාස දෙකකට (02) වරක් කොළඹදී පැවැත්වීමටත්, එම සම්මන්ත්‍රණය සම්බන්ධීකරණය කර ක්‍රියාත්මක කිරීම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මඟින් සිදු කිරීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.