• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ළමා ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම
- ළමා ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ඩිප්තීරියා, ටෙටනස්, පර්ටුසිස්, හෙපටයිටීස් - බී සහ හිමොෆිලස් ඉන්ෆ්ලුවන්සා වර්ග 'බී' හි අධිශෝෂිත සංයුග්ම දියරමය වැක්සීනය (පෙන්ටාවෙලන්ට්) මාත්‍රා 10යේ වයල 100,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.