• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ රෝහල් සඳහා අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ ප්‍රසම්පාදනය කිරීම
- ප්‍රතිජීවක ඖෂධයක් වශයෙන් බහුලව භාවිත කරනු ලබන කෝ-ඇමොක්සික්ලේව් එන්නත් මිලිග්‍රෑම් 1000/200න් වයල 2,400,000ක් සහ ආසාදන සඳහා භාවිත කරනු ලබන ප්‍රතිජීවක ඖෂධයක් වන මෙරපනම් එන්නත් (ග්‍රෑම් 1) වයල 500,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.