• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය විශ්වවිද්‍යාලවල සහ උසස් අධ්‍යාපන ආයතනවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින ඉඩකඩ හා පහසුකම් වැඩිදියුණු කොට ඒවායේ දැනට අධ්‍යයන කටයුතුවල නිරත සිසුන්ගේ සහ තාක්ෂණ උපාධිය හා අනෙකුත් උපාධි පාඨමාලා සඳහා ඉදිරියේදී බඳවා ගනු ලබන සිසුන්ගේ අවශ්‍යතා සපුරා ලීම කෙරෙහි රජය ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී තිබේ. ඒ අනුව, කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර, රුහුණ, සබරගමුව, පේරාදෙණිය, වයඹ, බෞද්ධ හා පාලි යන විශ්වවිද්‍යාලවල සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.