• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තාක්ෂණවේදය විෂය ධාරාව හදාරනු ලබන සිසුන් සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක් ඉදි කිරීම
- තාක්ෂණවේදය විෂය ධාරාව පාසල් පද්ධතිය තුළ දැනටමත් ක්‍රියාත්මක වේ. ඒ සඳහා අවශ්‍ය ගුරුභවතුන් පුහුණු කිරීම සඳහා ජාතික මට්ටමේ තාක්ෂණවේදය අධ්‍යාපන විද්‍යාපීඨයක් මේ දක්වා පිහිටුවනු ලැබ නොමැත. ඒ අනුව, කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) විසින් ලබා දෙනු ලැබීමට නියමිත රුපියල් මිලියන 1,911ක මූල්‍යාධාර භාවිත කරමින් තාක්ෂණවේදය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය කුලියාපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.