• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විගමනික සේවිකාවන් සම්බන්ධයෙන් පත් කරන ලද අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ
- විගමනික සේවිකාවන් සම්බන්ධයෙන් පත් කරන ලද අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ පරිදි, විගමනික සේවිකාවන්ට අදාළව දැනට ලබාගනු ලබන පවුල් පසුබිම් වාර්තාව, එහි විෂය පථය පුළුල් කර රටින් පිටත්ව යාමට පෙර සූදානම් කිරීම සහ බඳවා ගැනීම සඳහා විගමනික සේවිකාවන්ගේ සුදුසුකම තීරණය කෙරෙන ලේඛනයක් වශයෙන් භාවිත කිරීමටත්, පවුල් පසුබිම සහ රැකියාව සඳහා විදේශගත වීමට ඇති යෝග්‍යතාව ඇගයීමේ කාර්යය, අදාළ ප්‍රාදේශීය ලේකම්ගේ සභාපතිත්වයෙන් සහ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි, පූර්ව ළමාවිය සංවර්ධන නිලධාරි, කාන්තා සංවර්ධන නිලධාරි, ළමා ආරක්ෂණ නිලධාරි, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හා සංවර්ධන නිලධාරි (විදේශ රැකියා) යන නිලධාරින්ගෙන් සමන්විත කමිටු වෙත පැවරීමටත්, සවුදි ආරාබිය සඳහා වයස අවුරුදු 25ක්ද, වෙනත් මැද පෙරදිග රටවල් සඳහා වයස අවුරුදු 23ක්ද, මැද පෙරදිග නොවන රටවල් සඳහා වයස අවුරුදු 21ක්ද වශයෙන් විගමනික ගෘහ සේවිකාවන් සඳහා දැනට පනවනු ලැබ ඇති අවම වයස් සීමාවන් නොවෙනස්ව පවත්වා ගෙන යාමටත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.