• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීතාවක ගඟ ජල විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- ශ්‍රී ලංකාවේ විදුලිය ජනන සැලැස්ම යටතේ හඳුනා ගෙන ඇති, මෙගාවොට් 20ක ධාරිතාවකින් යුත් යෝජිත සීතාවක ගඟ ජල විදුලි ව්‍යාපෘතිය මඟින් ගිගාවොට් පැය 50ක් වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට එක් කරගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. මෙම ව්‍යපෘතිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හිඟුරලකන්ද ගම්මානයෙහි ස්ථාපිත කිරීමට යෝජිතය. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විශේෂඥ සේවාවන්, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) වෙතින් ලබාගැනීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.