• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මඩකලපුව දිස්ත්‍රික්කයේ සම් කර්මාන්තය සඳහා කාර්මික උද්‍යානයක් පිහිටුවීම
- අපනයන වෙළඳපොළට ප්‍රවේශ වීම සඳහා වැඩි ඉඩක් පවතින ක්ෂේත්‍රයක් වන සම් භාණ්ඩ කර්මාන්තය, ප්‍රමුඛතාව ලබා දී සංවර්ධනය කළ යුතු කර්මාන්තයක් වශයෙන් හඳුනාගනු ලැබ ඇත. එමඟින් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගත හැකි වනු ඇති අතර, සෘජු හා වක්‍ර රැකියා 10,000කට වැඩි සංඛ්‍යාවක්ද ජනිත වනු ඇත. ඒ අනුව, පාවහන් හා සම් භාණ්ඩ කර්මාන්තයට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය සැපයීම, මෙම ක්ෂේත්‍රයේ කුඩා කර්මාන්තවලට පහසුකම් සැලසීම හා මානව සම්පත් පුහුණු කිරීම, පොදු පහසුකම් හා අලෙවි පහසුකම් සැපයීම සඳහා පරිසර හිතකාමී කර්මාන්තපුරයක්, රජය විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලබන දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහනට සමගාමීව එම දිස්ත්‍රික්කයේ වාහනරි ප්‍රදේශයේ ස්ථාපිත කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.