• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ද්විත්ත්ව බදුකරණය මඟහැරවීම සහ ආදායම මත බදු ගෙවීම පැහැර හැරීම වළකා ලීම සඳහා ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර ඇති කරගනු ලබන ගිවිසුම
- ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සහ සහයෝගිතාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ද්විත්ත්ව බදුකරණය මඟහැරවීම සහ ආදායම මත බදු ගෙවීම පැහැර හැරීම වළකා ලීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා ෆින්ලන්ත ජනරජය අතර ඇති කරගැනීමට නියමිත ගිවිසුමට රාජ්‍ය මට්ටමින් අත්සන් තැබීමටත්, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 97(1)(අ) වගන්තිය ප්‍රකාරව ඒ සම්බන්ධයෙන් වන යෝජනාවක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදරිපත් කිරීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.