• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා ෆින්ලන්තය අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා සාකච්ඡාව
- දෙරටේ මගී හා භාණ්ඩ යන දෙවර්ගයේ ගුවන්යානා සඳහා නිදහස් ගමනාගමන අයිතීන් කිසිදු බාධාවකින් තොරව ක්‍රියාවට නැංවීමටත්, දෙරටේ නම් කරන ලද ගුවන් සේවාවන් පිළිගැනීමටත්, ශ්‍රී ලංකාව හා ෆින්ලන්තය අතර 2013‑12‑12 දින දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී එකඟ වන ලද ගුවන් සේවා ගිවිසුම, විධිමත් පරිදි අත්සන් කිරීමටත්, ඉන් අනතුරුව එම ගිවිසුම බලාත්මක කිරීම සඳහා යෝග්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.