• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සහ නෝර්වේ/ ස්වීඩන් / ඩෙන්මාර්ක් රාජධානිය (පාර්ශ්වකරුවන්) අතර ගුවන් සේවා සාකච්ඡාව
- ශ්‍රී ලංකාව සහ නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක් යන රටවල් අතර මගී ගුවන් යානා මෙහෙයුම් සහ ගුවන් භාණ්ඩ මෙහෙයුම් කටයුතු පැවැත්වීම සඳහා අදාළ රාජ්‍යයන්හි ගඟන නාවික බලධාරින් විසින් තුර්කියේ, ඇන්ටාලියාහිදී 2015-10-21 දින පැවති සිවිල් ගුවන්සේවා සාකච්ඡා සම්මන්ත්‍රණය අතරතුරදී එකඟ වී ඇති ගුවන් සේවා ගිවිසුම විධිමත් පරිදි අත්සන් කිරීමටත්, අනතුරුව එය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.