• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනෙහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම
- විදුලි සම්ප්‍රේෂණ යටිතල පහසුකම් පුළුල් කිරිම, මධ්‍යම ප්‍රමාණයේ වෝල්ටීයතා ජාලයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා සුහුරු ජාල හා මනුකරණ (Smart grid and metering) නියමු උපව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම මඟින් බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඉල්ලුම පදනම් කරගත් විදුලි කළමනාකරණය වැඩිදියුණු කිරීම යන අංගයන්ගෙන් සමන්විත, හරිත බලශක්ති සංවර්ධන හා කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනෙහි දෙවන අදියර (Green Power Development and Energy Improvement Investment Program - Tranche 2) ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB)වෙතින් අරමුදල් සපයා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.