• Increase font size
  • Default font size
  • Decrease font size

2016-09-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවෙහි කඩිනම් ආර්ථික පරිවර්තනයක් ඇති කර ලීම - මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කිරීම
- ර‍ට පුරා කඩිනම් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමේ සහ රටේ ආර්ථිකය තිරසර සමාජ ආර්ථික වෙළෙඳපොළක් කරා පරිවර්තනය කිරීමේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සංවර්ධන ක්‍රියාකාරකම් පිළිබඳව අධීක්ෂණය කිරීමට හා එකී ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරදි කිරීමේ පියවර නිසි කලට ගැනීම පිණිස වෙන් වූ ඒකකයක් ස්ථාපිත කිරීම අතිශය වැදගත් වේ. ඒ අනුව, එම කාර්යයන් ඉටු කිරීමට ශ්‍රී ලංකාව තුළ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයක් (Central Programme Management Unit) ස්ථාපිත කිරීම සඳහා මැලේසියාව වැනි ශීඝ්‍ර පරිවර්තනයකට භාජනය වෙමින් පවතින ආර්ථිකයන්හි සමාන අන්දමේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකක ස්ථාපනය කිරීමේ පළපුරුද්ද සහ හැකියාව සහිත විදේශීය උපදේශක සමාගමක් වන ඇමරිකා එක්සත් ජනපදයේ මැකෙන්සි ආයතනයේ සහාය ලබාගැනීම පිණිස ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.