• Increase font size
  • Default font size
  • Decrease font size

2016-09-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුරුණෑගල සිට දඹුල්ල දක්වා (කි.මී.60) වන මධ්‍යම අධිවේගී මාර්ගයේ 4 වන කොටස ඉදි කිරීම
- 'රජර‍ට නවෝදය' සංවර්ධන වැඩසටහන යටතේ, දැනට පවත්නා මාර්ග කිලෝමීටර 150ක් පුනරුත්ථාපනය කිරීමට සහ නව මාර්ග කිලෝමීටර 100ක් ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, කුරුණෑගලින් ආරම්භ වී දඹුල්ල දක්වා දිවෙන, කිලෝමීටර 60ක දිගින් යුතු, යෝජිත මධ්‍යම අධිවේගී මාර්ගයේ 4 වන කොටස ඉදි කිරීමේ ව්‍යාපෘතිය 'රජරට නවෝදය' සංවර්ධන වැඩසටහන යටතේ සිදු කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.